පරිපාලන ව්‍යුහය


අංශ

  1. ඉඩම් අංශය
  2. සංවර්ධන අංශය
  3. ආයතන අංශය
  4. ගිණුම් අංශය

 


ඉඩම් අංශය

    1. මුලික ලේඛන අනුමත කිරිම, ඉඩම් කච්චේරි පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදීම හා අවසන් තේරීම් ලැයිස්තුව අනුමත කිරීම.
    2. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රජයේ ප්‍රතිපත්ති අනුව නියමානුකූල කල හැකි ඉඩම්වලට පනතේ 20 (ආ) වගන්තිය යටතේ විවිධිමත් අනුමැතිය ලබාදීම.
    3. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කර e-slim හා සාමාන්‍ය ක්‍රමයට එවනු ලබන දීමනා පත්‍ර පරික්ෂාකර ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවීමට කටයුතු කිරිම.
    4. ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපතිවරයාගේ අනුරූප අත්සන සහිතව නිම කරන ලද දීමනාපත්‍ර අප වෙත එවූ පසු දෙපාර්තමේන්තුවේ ලේඛන යාවත්කාලීන කර ආපසු ප්‍රාදේශීය ලේකම් වෙත යැවීමට කටයුතු කිරීම.
    5. දීර්ඝ කාලින බදු පදනම මත රජයේ ඉඩම් ලබා දීම (නේවාසික/ව්‍යාපාරික/කෘෂිකාර්මික) හා පසු කටයුතු කිරිම.
    6. රජයේ ඉඩම් සම්බන්ධයෙන් ජංගම සේවා හා වෙනත් සේවාවන් සඳහා සහභාගී වීම හා මහජනතාවගේ ඉඩම් ගැටළු සහ ආරවුල් විසදිම.
    7. නඩු සම්බන්ධව පෙනී සිටීම.
    8. රජයේ ඉඩම් සම්බන්ධයෙන් පළාත් සභාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිම.

සංවර්ධන අංශය

    1. දෙපාර්තමේන්තුවේ වාර්ෂික සැලසුම්, ඉලක්ක වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරිම.
    2. ආදායම් රැස්කිරීම්, හිඟ ආදායම් රැස්කිරිම් තොරතුරු වාර්තා තබා ගැනිම.
    3. ඒක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු අධීක්ෂණය මෙහෙයවීම හා පසුවිපරම.
    4. විවිධ පාර්ශව සමඟ රැස්වීම් පැවැත්විම, මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම්, පැවැත්වීම.
    5. දෙපාර්තමේන්තු පාලන වාර්තා සකස් කිරිම.
    6. දෙපාර්තමේන්තු වෙබ් පිටුව යාවත්කාලීන කිරිම.
    7. ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.

ආයතන අංශය

    1. සියලු නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරිම.
    2. පත්වීම් ස්ථීර කිරීම, සේවා උසස්වීම් කටයුතු සිදු කිරිම.
    3. මුදා හැරීම අවශ්‍ය කටයුතු සිදු කිරිම.
    4. විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය කටයුතු සිදු කිරිම.
    5. දෙපාර්තමේන්තුවට අදාල විනය කටයුතු.
    6. මානව සම්පත් සංවර්ධනය සම්බන්ධ කටයුතු.
    7. ආයතනික හා පරිපාලන කටයුතු සම්බන්ධීකරණය.
    8. සාමාන්‍ය පරිපාලන කටයුතු සිදු කිරිම.

ගිණුම් අංශය

    1. වාර්ෂික අයවැය ලේඛණය මගින් දෙපාර්තමේන්තුවට වෙන්කරනු ලබන ප්‍රතිපාදන විධිමත් පරිදි පාලනය.
    2. ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් පිළිබදව කටයුතු කිරීම.
    3. ගෙවීම් කටයුතු.
    4. විගණන වාර්තාවලට පිළිතුරු සැපයීම.
    5. ගිණුම් කාරක සභාවලට අදාළ වාර්තා සැකසීම හා කරුණු ඉදිරිපත් කිරීම.
    6. ගිණුම් වාර්තා සකස් කිරීම.
    7. ගබඩාකරණය සහ භාණ්ඩ සමීක්ෂණ කටයුතු.
    8. ප්‍රසම්පාදන කටයුතු