අපගේ සේවාවන්


  1. ඌව පළාත් සභාව නියෝජනය කරමින් ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් උපදේශාත්මක සේවාවක් සැපයීම.
  2. පළාත් කාර්යයන් සඳහා රජයේ දෙපාර්තමේන්තු හා ආයතන සඳහා ඉඩම් නිදහස් කර ගැනීම.
  3. මධ්‍ය රජය සඳහා ඉඩම් බැහැර කිරීමේදි පළාත තුළ ඇති රජයේ ඉඩම් බැහැර කිරීමට පළාත් සභාවේ එකඟත්වය ලබාදීම.
  4. මධ්‍යම රජයේ කාර්යයන් සඳහා අවශ්‍ය පෞද්ගලික ඉඩම් පළාත් සභාවට අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාකිරීම.
  5. ඉඩම් කච්චේරි පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදීම හා අවසන් තේරීම් ලැයිස්තුව අනුමත කිරීම.
  6. අභියාචනා විභාග කිරීමෙන් පසුව ඉඩම් කච්චේරියක හෝ ඉඩම්ලාභියකු තේරීම පසෙක තැබීම.
  7. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රජයේ ප්‍රතිපත්ති අනුව නියමානුකූල කල හැකි ඉඩම්වලට පනතේ 20 (ආ) වගන්තිය යටතේ විවිධිමත් අනුමැතිය ලබාදීම.
  8. ඉඩම් සංවර්ධන ආඥාපනතේ 110 වගන්තිය අනුව අභියාචනා විභාගකර තීන්දු ලබාදීම.
  9. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කරන දීමනා පත්‍ර පරීක්ෂා කර ලේඛණගත කර ඉඩම් කොමසාරිස් වෙත යවා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිරූප අත්සන යෙදීමෙන් අනතුරුව ආපසු ප්‍රාදේශීය ලේකම් වෙත යැවීමට කටයුතු කිරීම.
  10. දීමනාපත්‍රවල වරද නිවරද කිරීම.
  11. දීමනාපත්‍ර අවලංගු කල යුතු අවස්ථාවලදි මැදිහත් වීම.
  12. දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉඩම් බදු දීමට පළාත් සභාවේ නිර්දේශය ඉඩම් කොමසාරිස් ජනරාල්ට ලබාදීම.
  13. බදු පදනම මත ලබාදුන් රජයේ ඉඩම් සඳහා නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම.
  14. බදු පදනම මත ලබාදුන් ඉඩම් බැහැර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  15. රජයේ ඉඩමක බදුකාලය දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම‍.
  16. ඉඩම් විශේෂ විධිවිධාන පනත යටතේ නිකුත් කරන නියාදන සාධන පත්‍ර බැහැර කිරීමට අවසර ලබාදීම.
  17. පොදු ජල මාර්ග භාවිතා කිරීමට අවසර ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කොට ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරිම.
  18. ඉඩම් ආදායම් ඇස්තමේන්තු සකස් කිරීම ගිණුම්ගත කිරීම හා ඒ පිළිබඳව අධීක්ෂණ කටයුතු.
  19. ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් රජයේ නිළධාරීන් පුහුණු කිරීම.
  20. රජයේ ඉඩම් සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීම  හා උපදෙස් ලබාදීම.
  21. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඉටු නොවු පළාත් සභාවට ඉදිරිපත් කල රජයේ ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් කේෂත්‍ර පරීක්ෂණ පවත්වා එම ආරවුල් විසඳීමට කටයුතු කිරීම.
  22. නිති රෙගුලාසි නියෝග ක්‍රියාමාර්ග ආකෘති පත්‍ර ලේඛණ අළුතින් හඳුන්වාදීම, සැපයීම හා සංශෝධන සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යෝජනා ඉදිරිපත් කිරීම.
  23. ඉඩම් තොරතුරු ආශ්‍රයෙන් ඉඩම් දත්ත බැංකුවක් පවත්වාගෙන යෑම.
  24. ඉඩම් කළමණාකරනයට අදාල සේවා වැඩ සටහන්වල හා සංවර්ධන වැඩසටහන් වල  ප්‍රගතිය සමාලෝචනය කිරීම.
  25. ඉඩම් කළමණාකරනය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පත්කර ඇති කාර්ය මණ්ඩලයේ ආයතන හා ගිණුම් කටයුතු පවත්වාගෙන යෑම.
  26. මධ්‍යම පිඹුරු ගබඩාවක් පවත්වාගෙන යමින් අවශ්‍ය ආයතනවලට හා පුද්ගලයන්ට පිඹුරු සැපයීම යාවත්කාලීන කිරීම.
  27. රජයේ ඉඩම් සම්බන්ධයෙන් පළාත් සභාව වෙනුවෙන් අධිකරණයේ පෙනිසිටිමින් රජයේ ඉඩම් වල අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කිරීම.
  28. අධිකරණය මඟින් ඉඩම් සන්තකය ආපසු ලබාගැනීම වෙනුවෙන් ලබාදෙන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා දායකවීම.
  29. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන මෙම දෙපාර්මේන්තුවේ නිළධාරීන් කැඳවා ප්‍රගතිය සමාලෝචනය කිරීම, ගැටළු සඳහා උපදෙස් ලබාදීම හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කටයුතු කිරීම.
  30. “බිම් සවිය” වැඩසටහන හා සම්බන්ධීකරණය.
  31. දිස්ත්‍රික් මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය.
  32. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්විම් නියෝජනය.
  33. දිස්ත්‍රික් කෘෂිකර්ම හා ප්‍රාදේශීය කෘෂිකර්ම සම්බන්ධීකරණ රැස්විම් නියෝජනය.
  34. නිවාස සංවර්ධන අධිකාරිය සමඟ සම්බන්ධීකරණය.
  35. පළාත් සභාවට පැවරුණු ඉඩම් කළමණාකරනයට අදාල කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රඥප්ති සකස් කිරීම.
  36. පළාත් සභාවට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමට වන්දි මුදල් පළාත් සභාව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදීම හා ඒසඳහා වාර්තා සකස් කර අදාල අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කිරීම.
  37. ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් රජය මඟින් විටින්විට ගනු ලබන ප්‍රතිපත්ති හා තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශිය ලේකම්වරුන්ට හා අනෙකුත් සහාය ආයතනවලට සහාය ලබාදීම.
  38. දෙපාර්තමේන්තු මිනින්දෝරුවරුන් මඟින් ආරවුල් ඉඩම් සඳහා මැනුම් කටයුතු සිදු කිරිම.
  39. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැනි රජයේ ඉඩම් පරිපාලන ආයතන හා එක්ව කටයුතු කිරිම.
  40. රජයේ ඉඩම් සම්බන්ධයෙන් ජංගම සේවා හා වෙනත් සේවාවන් සඳහා සහභාගි වෙමින් මහජනතාවගේ ගැටළු විසඳීමට සහායවීම.

දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධිත ආයතන


  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • ආණ්ඩුකාරවර ලේකම් කාර්යාලය
  • ප්‍රධාන ලේකම් කාර්යාලය
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • ඉඩම් අමාත්‍යාංශය
  • ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
  • ඌව පළාත් අධ්‍යාපන හා ඉඩම්  අමාත්‍යාංශය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • මිනින්දොරු දෙපාර්තමේන්තුව
  • තක්සේරු දෙපාර්තමේන්තුව
  • ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව
  • ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව