අපගැන


දැක්ම

නිරවුල් බිම් කඩක් – තුටින් පිරි හෙටක්

මෙහෙවර

පරිසරයේ සමතුළිතභාවය රැකෙන පරිදි අදාළ සියළු අංශ සමඟ මනා සම්බන්ධිකරණයකින් යුතුව සංවර්ධනයේ චිරස්ථායි බව අරමුණු කරගෙන රජයේ ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් යෙදවිම තහවුරු කරමින් මනා කළමනාකාරිත්වයක් පවත්වාගෙන යාම

 

ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැන බිඳක්

ඌව පළාතේ ජනතාවගේ ඉඩම් හිමිකම සුරක්ෂිත කරමින් සෞභාග්‍යමත් අනාගතයක් වෙත රැගෙනයාමේ පුරෝගාමී වගකීමට උරදී සිටින ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පළාතේ රාජ්‍ය ආයතන අතර දීර්ඝ ඉතිහාසයක් සහිත ආයතනයකි. යටත් විජිත සමයේ සිට අතිරේක ඒජන්ත (ඉඩම්) වෙත තිබූ රජයේ ඉඩම් පිළිබඳ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ පළාත් ඉඩම් කොමසාරිස් වෙත පැවරීමෙන් පසු පළාත් සභාවට පවරා ඇති ඉඩම් බලතල ක්‍රියාවේ යෙදවීම සඳහා ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මැදිහත් වන අතර ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ද සම්බන්ධීකරණය කරමින් රජයේ ඉඩම් මනා ලෙස කළමනාකරණය හා සංරක්ෂණය සඳහා කැපවූ රාජ්‍ය ආයතනයක් ලෙස පළාතේ සංවර්ධනයට තීරණාත්මක මෙහෙවරක් ඉටුකරමින් සිටී.
ජනතාව වෙත පදිංචිය හා කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් ලබා දීමත් එම ඉඩම් සඳහා බලපත්‍ර හා දීමනාපත්‍ර සකස් කිරීමත් ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වන අතර ඒ හා බැඳුණු ඉඩම් ආරවුල් හා ගැටළු විසඳීම ද පළාතේ මහජනතාව වෙනුවෙන් ඉටුකෙරෙන තවත් වැදගත් කාර්යයකි. එසේම, වාණිජ අවශ්‍යතා සඳහා වාර්ෂික බදුකර හා දීර්ඝකාලීන බදුකර සකස් කිරීමට ද එම බදුදීම් මඟින් ඌව පළාත් සභාව වෙත ආදායම් රැස් කර දීමට ද කටයුතු කරයි. එසේම, ඌව පළාතේ සංවර්ධන කටයුතු හා ව්‍යාපෘති ආරම්භ කිරීම සදහා ඉඩම් සුදුසු පරිදි ලබාදීමටත් රාජ්‍ය ආයතනවල අවශ්‍යතාවයන් සඳහා ඉඩම් පැවරීමටත් මෙම ආයතනය කටයුතු කරනු ලැබේ. එයට අමතරව ආගමික ස්ථාන සඳහා රජයේ ඉඩම් වෙන්කර දීමත්, පළාතේ පාරිසරික අවශ්‍යතා පිළිබඳව සළකමින් රජයේ ඉඩම් සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීමත් ජල පෝෂක ආරක්ෂා කිරීමත් දෙපාර්තමේන්තුව මඟින් අඛණ්ඩවම සිදුකරගෙන යනු ලබන කටයුතුය.

 

අරමුණු

  • පළාත තුළ ඉඩම් විෂයය පිළිබද ඒකමතික පරිපාලනයක් පවත්වා ගෙන යාම.
  • පරිසර සමතුලිතතාව රැකෙන පරිදි අදාළ විවිධ අංශ/ආයතන අතර සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම.
  • රජයේ ඉඩම් සංරක්ෂණය, සංවර්ධනය හා කළමනාකරණය පවත්වා ගෙන යාම.
  • රජයේ ඉඩම් සුදුසු පුද්ගලයන් හා විවිධ අංශ අතර බෙදාදීම.
  • බෙදාදී ඇති ඉඩම්වලට හිමිකම් අයිතිය ලබාදීම.